Sinhalese
සිංහල
වික්ටෝරියානු රජයේ ආයතනයක් හෝ ප්‍රාදේශීය කවුන්සිලයක් විසින් ඔබට අසාධාරණ ලෙස සලකනු ලැබ තිබේද?
ඔබට පැමිණිල්ලක් තිබේද?
වික්ටෝරියානු ඔම්බුඩ්ස්මන්වරයා විසින් වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ආයතන සහ ප්‍රාදේශීය කවුන්සිල පිළිබඳ පැමිණිලි විමර්ශනය කරයි. මෙයට රජයේ පාසල්, VicRoads (වික්රෝඩ්ස්), Corrections Victoria, පවුල්, සාධාරණත්වය හා නිවාස පිලිබඳ දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අනතුරු කොමිසම, WorkCover සහ වෙනත් බොහෝ ආයතන ඇතුළත් වේ. ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් කළ හැකිය.
ඔබට පැමිණිල්ලක් තිබේ නම්
පළමුව ප්‍රාන්ත රජයේ ආයතනය සහ ප්‍රාදේශීය කවුන්සිලය සමග එම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන්න.
ආයතනය හෝ කවුන්සිලය ඔබේ පැමිණිල්ල හසුරුවන ආකාරය පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, වික්ටෝරියානු ඔම්බුඩ්ස්මන්වරයා අමතන්න.
භාෂණ පරිවර්තක
ඔබේ භාෂාවෙන් උදව් ලබා ගැනීම සඳහා, සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා 131 450 අමතා වික්ටෝරියානු ඔම්බුඩ්ස්මන්වරයා (1800 806 314) සම්බන්ධ කරන ලෙස ඉල්ලා සිටින්න. නැතහොත් complaints@ombudsman.vic.gov.au වෙත ඊමේල් පණිවුඩයක් සමග යොමු කළ හැකිය.
